25 C
Colombo
Wednesday, September 27, 2023

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

- Advertisement -

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් පිරිසක් අද (2) කළ විමසුමකදීයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමාගේ සේවය රටට අවශ්‍ය බව පැවසුවහොත් එය නොපැකිලිව ලබාදෙන බවයි.

ප්‍රශ්නය – ඔබතුමා ජනාධිපතිතුමාට තර්ජනය කළා ද? 53ක් එක්ක ගිහිල්ලා වාඩිවෙනවා කියලා විපක්ෂයේ, ඇමතිකම දුන්නේ නැත්නම් ?

“මට අනිත් අය ගැන කියන්න බැහැ. මම තර්ජනය කිරීමක් හෝ ඇමති තනතුර කිසිම දවසක මම ඉල්ලලා නැහැ. මම ඇමති තනතුරු පස්සෙන් හඹා යන්නේත් නැහැ. ජනාධිපතිවරයා වගකීමක් භාර දුන්නොත් ඒක භාර ගන්නවා.

ඒ නිසා පසුගිය කාලයේ මේ රටේ තිබුණ ආර්ථික අර්බුදයත් එක්ක අමාත්‍යධුර ලබාදීම සුදුසු නැහැ. ඒ නිසා මේ ආර්ථිකය යම්තාක් දුරට යතාවත් වුණාට පස්සේ තමයි එය ලබාදිය යුත්තේ.

ඒ නිසා මම කිසිසේත් කවමදාවත් ඇමතිකම් ඉල්ලලාත් නැහැ, ඇමතිකම් පස්සේ යන්නේත් නැහැ. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් මම ඒක පිළිගන්නවා. මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ.”

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...