28 C
Colombo
Saturday, July 27, 2024

රටේ ළමයිට අනාගතයක් ඕනනම් රනිල් කියන මනුස්සයගෙන් ඒක කරගන්න-වජිර

- Advertisement -

රටේ දරුවන්ට අනාගතයක් ඕන නම් රනිල් කියන මනුස්සයගෙන් ඒ වැඩේ කරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

රනිල්ට ජනාධිපති වෙන්න බෑ කියා පක්ෂයේ පිරිසක් වෙනත් පක්ෂයක් හදාගෙන ගිය බව පැවසු වජිර මහතා ඉතුරු වුණු පිරිස එක්ව ඔහු අට වැනි විධායක ජනාධිපති ධුරයට පත් කළ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සංවිධායන කටයුතු සම්බන්ධයෙන් රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල පැවැති සාකච්ඡා අමතමින් වජිර මහතා මේ බව පවසාසිටියා.

බංකොලොත් වුණු රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල්ට රට බාර දෙන ලෙස තමා එදා කියූ කතාව අද සත්‍යයක් වී තිබෙන බවද මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...