31 C
Colombo
Sunday, June 4, 2023

රජය ලොක් ඩවුන් නොකරොත් වෘත්තීය සමිති එක්ව ලොක් ඩවුන් කරනවා – රවී කුමුදේශ්

- Advertisement -

අර්ධ වශයෙන් වශයෙන් ප්‍රතිශක්තියක් සාදාගත් මෙරට මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක්කර ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බහුජන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසනවා.

රජය විසින් රට ලොක් ඩවුන් නොකරන්නේනම්, “ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදය” නිර්මාණය කරන තුරු බලා නොසිට, වෘත්තීය සමිති ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බවයි ඊයේ (17) දින මාධ්‍ය අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම, සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට එම වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීම ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඒ අතරම, එම ලොක් ඩවුන් කිරීම විද්‍යාත්මක ලෙස සාර්ථක කර ගැනීමට අදාල පහත අවශ්‍යතා රට තුල සම්පූර්ණ කිරීමටද රජයට බලකරන බව ඔහු පවසනවා.

  1. දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න
  2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
    3.ආසාදිතයින් වෙන් කරන්න.
    සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
  3. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න
  4. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
    6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම්.කරන්න
  5. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
    8.සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න
  6. රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනූව කොළ, තැඹිලි, රතු කලාප හදුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම.
  7. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න

RECENT ARTICLES - SINHALA

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පුද්ගල මළසිරුරක් හමුවෙයි

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...