27 C
Colombo
Sunday, March 26, 2023

හාල් හිඟ වුණොත් මඤ්ඤෙක්කා, මුං. බතල කන්න – ඇමති චමල් රාජපක්ෂ

- Advertisement -

ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤෙක්කා, මුං. බතල කෑමට ජනතාවට හුරුවීමට සිදුවන බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤෙක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමටද දායක වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (01) ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

මමත් ගොවියෙක්. මම කාබනික පොහොර යොදලා වගා කරමින් සිටිනවා. අලුත් අයට මෙය අලුත් අත්දැකීමක්. මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකිවෙයි. පළමුවන කන්නය අත්දැකීමක්. අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීලා තියෙනවා අලාභයක් විදියට වන්දියක් ගෙවනවා කියලා. ඒකට බයවෙන්න දෙයක් නැහැ. හැම උද්ඝෝෂණයකම පසුබිමේ දේශපාලනයක් තියෙනවා. සියලු දෙනාගෙම වගකීම වසවිසෙන් තොර ආහාරයක් ජනතාවට දෙන්න ඕනෙ කියන එක. අපි බලන්න ඕනේ ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබාදෙන්න. ඉස්සර කෑගැහුවෙ බහුජාතික සමාගම් එපා කියලා. දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලාව තියාගන්න කියලා. මේවා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපේ බිමේ මඤ්ඤෙක්කා හොඳට වැවෙනවා. දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා. මුං ඇට, කව්පි බෝග තිබෙනවා. මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕනෙ. රසායනික පොහොරවලට අපේ සල්ලි යනවා. දෙගොල්ලන්ම මේ කැපවීම කරන්න අවශ්‍යයි.”

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...