24 C
Colombo
Tuesday, March 21, 2023

දෙමළ ඩයස්පෝරාවට අසාධාරණ තහනමක් තියෙනවා නම් ඒක අයින් කරන්න..! – විමල්

- Advertisement -

දෙමළ ඩයස්පෝරාව තහනම් කිරීම අසාධාරණ ලෙස සිදුකර ඇත්නම් එය ඉවත් කිරීම ගැටලුවක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ, රූපවාහිනී සංවාදමය වැඩසටහනකදී අදහස් දක්වමින්.

කෙසේ නමුත් අදාල තහනම ඉවත් කිරීම සිදුකළ යුත්තේ ඔවුන්ගේ ඩොලර් ආයෝජනය මත පදනම්ව නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

“අපි ඉන්නේ නිදහසින් පසුව දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ. අර්බුදයේ ඇත්ත පීඩනය තාම අපි භුක්ති විඳින්නේ නෑ. අපි වැටිලා තියෙන ආර්ථිකමය වළ අපිම කපා ගත්තු වළක් නේ. 1977ට කලින් අපේ වෙළෙඳ පරතරය ආනයන හා අපනයන අතර පරතර ධන ඩොලර් බිලියන 1,000යි. අද සෘණ ඩොලර් බිලියන 1,000යි. එතකොට තෙරුම් ගන්න පුළුවන්නේ අපි හිටපු තැනයි දැන් වැටිලා තියෙන තැනයි.

ඒ අය ගෙනාවත් නැතත් අසාධාරණ තහනමක් තියෙනවා නම් ඒක අයින් කරන්න. ඒක ඩොලර් එකට පූට්ටු කරන්න එපා. ඩොලර් එකට පූට්ටු කරලා ඒ ගැන තීරණ ගන්න ගියාම අපිට ඩොලර් තමයි ලොකුවට පේන්නේ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය නොපෙනී යනවා. ආර්ථිකය මෙතනට වැටෙන්න ඇත්ත හේතුවලට තවමත් උත්තර නෑ. ඒක අයාලේ යන්නේ තාමත්. වර්ථමාන ජනාධිපතිවරයා මොකක්වත් මට නම් අලුත් පියවරක් ගත්තු බවක් පෙන්න නෑ.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.