28 C
Colombo
Saturday, July 27, 2024

සාක්ෂි තියනවනම් හිරුණිකාට නඩු දාන්න

- Advertisement -

වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව සාක්ෂි ඇත්නම් නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (10) නියෝග කර තිබෙනවා.

කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍යයක් කිරීමෙන් හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධාවක් කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට මෙලෙස නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පමිණිල්ල කැඳවු අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු කාන්තාවන් 13 දෙනෙකු සහ එක් පුද්ගලයකු අධිකරණයේ පෙනී සිටියා.

පසුගිය 2022 වසරේ නොවැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්නන දිනයක කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් සිද්ධියට අදාළ විමර්ශ කටයුතු අවසන් කර උධෘත නීතීපතිවරයාට යවා ඇතැයි පවසනු ලැබුවා.

සිද්ධිය වු 2022 නොවැම්බර් 14 වැනිදා රාජකාරියේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සාක්ෂි සම්පින්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරීන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙතෙක් නීතීපතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි ද අධිකරණයේදී දැනුම් දුන්නා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල කරුණු දක්වමින් සිය සේවාදායිකාව ඇතුළු පිරිස කාන්තා අයිතීන් වෙනුවෙන් එදින වීදි නාට්‍යයක් කර ඇතැත් පොලිස් රාජකාරියට කිසිදු බාධාවක් කර නැතැයි ද පවසනු ලැබු අතර, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් තම සේවාදායිකාව ඇතුළු පිරිසට කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍ය පෙන්වීමට බාධා කර ඇතැයිද නීතිඥවරයා මෙහිදි අධිකරණයේදී පැවසුවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂි ඇත්තම් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියම කළා.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...