29 C
Colombo
Saturday, July 27, 2024

කැරලි ගහන්නේ නැත්නම් ඔවුන් තරුණයන් නොවෙයි – නිමල් පුංචිහේවා

- Advertisement -

කැරළි නොගසනවා නම් ඔවුන් තරුණයන් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති උත්සවයකදීයි.

“ගඟකට ගලන්න එපැයි කියන්න, ගලන්නැත්තං එය ගඟක් නොවේ. සුළඟට හමන්න එපැයි කියන්න, හමන්නැත්තං එය සුළඟ නොවේ.

පොඩි ළමයින්ට දඟ කරන්න එපැයි කියන්න, දඟ කරන්නැත්තං උන් පොඩි ළමයින් නෙමෙයි. තරුණයන්ට කැරළි ගහන්න එපැයි කියන්න, කැරළි ගහන්නැත්තං ඔවුන් තරුණයින් නොවෙයි.

නමුත් මේ කැරළි ගහනවා කියන්නේ ආයුධ අරගෙන කරන ක්‍රියාවක් නෙවෙයි, කැරළි ගහනවා කියන්නේ ගෝත්‍රික සමාජයේ ගෝත්‍රික ලක්ෂණ වලින් මිදිලා ඒවට අභියෝගාත්මකව මුහුණදීමක්.

මොකද අපේ සමාජයේ අද විවිධත්වයට පිළිගැනීමක් නැහැ, ඒ නිසා සමාජය තුළ සාම්ප්‍රදායිකව එන කාරණයක් ජාතිය, ආගම, කුළය නිසා බෙදලා වෙන් කරලා, ඒ අනුව ප්‍රතිචාර දක්වනවා.

මේ මුල් බැහැගත්ත වැඩ වසම් ගෝත්‍රීය ලක්ෂණ අපේ සමාජයේ තාම ප්‍රභල විදියට ක්‍රියාත්මක වෙනවා. මේකට අභියෝග කරමින්, මේක වෙනස් කරන්න වැඩි හැකියාව තියෙන්නේ, උවමනාව එන්නේ තරුණයන්ට.”

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...