28 C
Colombo
Saturday, July 27, 2024

විජය හිටිය නම් මුහුදෙ පනිනවා

- Advertisement -

ශ්‍රී ලංකාව මේවනවිට චීනයේ යටත් විජිතයක් වී අවසන් බවත් සිය පාලන සමයේ ජීවිතය පරදුවට තබා නිර්මාණය කළ රට යළි ආපස්සට ගොස් ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කලේ සිදුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරතුංග සමාධිය අසල සංවිධානය කර තිබු විජය කුමාරතුංගයන්ගේ 33 වන අනුස්මරණ වැඩසටහන සමග එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය,

“අපි හදනවා. කවුරුහරි ඇවිත් විනාශ කරනවා. ඉතින් මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ. තරුණ, උගත්, හොරකම් නොකරන, දේශපාලනය බිස්නස් එකක් නොකර ගන්න, අවංකව තමන්ගේ වියදමින් රටට වැඩකරලා වාරයක් ඉඳලා ගෙදර යන කෙනෙක් ඕනේ. එක එක්කෙනාගෙ අත්වල එල්ලිලා යන දේශපාලනඥයින් ඉන්නෙකම් අපේ රට කරන්න බෑ. අපි හැදුවා, හැදුවා. ජීවිතයත් පරදුවට තියලා. දැන් ඔක්කොම අයෙත් අනෙක් පැත්තට හැරිලා. විජය හිටියා නම්.., විජය මං හිතන්නේ ගිහින් මුහුදට පනිනවා.” යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...