26 C
Colombo
Friday, May 17, 2024

ඇත්තටම මම අසරණයි..! – දිමුත්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස හෙට ආරම්භවීමට නියමිත වනවා.

මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ලෙස ඉතිහාසගත වනවා.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වන පැතුම් නිස්සංක හෙට ආරම්භ වන තරගය සඳහා ක්‍රීඩාකිරීම අවිනිශ්චිත වී ඇති අතර ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක වෙනුවට හෙට තරගයේදී කුසල් මෙන්ඩිස්ව හෝ දිනේෂ් චන්දිමාල් ව කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ළහිරු කුමාරද හෙට තරගය සඳහා සහභාගිවීම අවිනිශ්චිත වන අතර දුෂ්මන්ත චමීර ට හෙට තරගය අහිමිවන බව නායක දිමුත් කරුණාරත්න පවසනවා.

මේ අතර හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගය වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද වනවා.

සුරංග ලක්මාල් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 166කට ක්‍රීඩා කරමින් කඩුළු 287ක් දවාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න,

“ඉන්ජරීස් දෙකක් තියෙනවා සයිඩ් එකේ. ළහිරු කුමාරයි පැතුමුයි. ඒ වෙනුවට රිප්ලේස්මන්ට් දෙකක් එනවා. ස්පීනස්ලා දෙන්නෙක් සෙල්ලම් කරන්න වෙයි. මොකද අපි දැක්කා විකට් එක සෑහෙන්න වෙනස් වෙනවා. අන්තීම කාළේ මට සෑහෙන්න තිබුණු ප්‍රශ්නයක් තමයි ඉන්ජරි කන්සන් එක. අපේ රමේෂ් මෙන්ඩිස් නැති වුණා. පිට දඟ පන්දු යවන්නෙක් නෑ අපිට සයිඩ් එකේ. ඉන්න ෆාස්ට් බොලර්ස්ලාගේ එක්කෙනෙක් ඉන්ජරි වුණා. දුෂ්මන්ත චමීර සිලෙක්ෂන්වලට එවේලබල් නෑ. ඇත්තටම කිව්වොත් මම ගොඩක් වෙලාවට අසරණයි.

මොකද මට පන්දු යවන්නෝ සෑහෙන අඩුයි. ටෙස්ට් මැච්වල අපි විකට් 20ක් ගන්න ඕනේ ජයග්‍රහණය කරන්න. ඉන්න බොලර්ස්ලා ගොඩක් වෙලාවට ඉන්ජරි කන්සන්ස් ගොඩක් වෙලාවට රෙස්ට් කරවනවා. වර්ල්ඩ්කප් එක නිසා අපි ඒ වගේ කන්සන්ස් එක්ක හරි අමාරුයි ඉන්දියාව වගේ ටීම් එකක් එකක තරගයක් ජයග්‍රහණය කරන්න. අනිවාර්යයෙන් විකට් 20ක් ගන්න බොලර්ස්ලා ඉන්න ඕනේ අපි ගාව. සුරංගත් ගියාට පස්සේ මම ගොඩක් අසීරු තත්ත්වයට පත් වෙනවා. අපේ ඉදිරියේ තියෙන ටෙස්ට් තරගාවලි තුනේදී”.

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...