27.4 C
Colombo
Wednesday, June 7, 2023

IMF එකඟතා ජනාධිපති සභාගත කරයි

- Advertisement -

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ පසුගිය දා තමා භාරගත්තේ ගිනිගත් රටක් බවයි.

“මම පසුගිය ජූලි 9 වනදා භාරගත්තේ ගිනි ගත් රටක්. අවුලෙන් අවුලට පත්වු රටක්. හෙට දවස ගැන අඹමල් රේණුවක බලාපොරොත්තුවක් නැති රටක්. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක්. උද්ධමනය 73%ක් දක්වා ප්‍රකාශ කළ රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව දවස් ගණන් දුක්විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය 10 – 12ක් විදුලිය කප්පාදු කළ රටක්. ගොවීන් ට වගා කරන්න පොහොර නැති රටක්.

නීතිය හා සාමය වල්වැදුණු රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන පිටස්තරයින් පදිංචිවෙලා හිටිය රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මිනිස්සු මරාදාපු රටක්.

මෙවැනි පසුබිමක වගකීම භාරගන්න කවුරුත් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරය බලන්න කල්ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් ඉල්ලීම කළේ කවුරුත් වගකීම භාරගන්න ඉදිරිපත් නොවුණ අවස්ථාවක. මම කිසිම කොන්දේසියක් නැතිව අභියෝගය භාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මන්ත්‍රීවරු හිටියේ නෑ. මට තිබුණේ එකම ශක්තියයි ඒ මම ඉපදුන, හැදුන, වැඩුන මගේ ආදරණීය රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය විතරයි.

මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා…”

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...