27 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

IMF පළමු සමාලෝචනය අද

- Advertisement -

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14) ආරම්භ වනවා.

සමාලෝචනය සඳහා සහභාගී වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ ආරම්භ වු සැසිය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගි වී සිටින බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළා.

මෙම සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වු විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව 2024 වසරේ දී අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසනු ඇති බවද සමාලෝචන සැසිවාරය ආරම්භ වීමට පෙර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

මෙම සමාලෝචනය අද සිට ලබන 30 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

පොලීසියෙ​න් පාරේ ගි​ය මිනිස්සුන්ට​ත් ජල ප්‍රහාර

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ රැකියා විරහිත උපාධාධාරීන්ගේ විරෝධතාවයට පොලීසිය අද (18) ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. "රැකියාව අයිතියක්" යන...

අනුරගේ කතා අලුත් ක​තා නෙමෙයි – ජොන්ස්ටන්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා​ගේ කතා අලුත් කතා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ​තා පවසනවා. එහිදී මන්ත්‍රීවරයා...

තාඹුගලගේ රහස්‍ය ප්‍රකාශය දෙන්න දිනයක්

පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි  කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

නෙළුම් කුළුණ කොළ පාට වෙයි

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...