31 C
Colombo
Saturday, July 27, 2024

බැසිල්ගේ අප්‍රේල් ඇමරිකා සංචාරය ගැන IMF හෙළි කරයි

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මෙරට ආර්ථික තත්වය පිළිබඳ ‘ආටිකල් ෆෝ’ විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් යොමු කළ ලිපියකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා පවසන්නේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය කලක සිට ලක් රජය සමඟ පැවැත්වූ සාකච්ඡා සහ පැහැදිලි කිරීම් පදනම් කරගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සඳහා ලක් රජයේ අනුමැතිය ලබාදුන් බව ද එමඟින් පැවසෙනවා.

තවද මෙරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් පිළිබඳව සක්‍රීයව සලකා බලමින් සිටින බවයි. මුදල් අමාත්‍යවරයාගේ අප්‍රේල් මාසයේ වොෂින්ටන් සංචාරයේදී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මූල්‍ය අරමුදලේ උපරිම සහාය දිය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ලද පිළිතුරු ලිපියේ සඳහන්.

කෙසේ වෙතත්, අයි.එම්.එෆ්. වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මගින් දැනටමත් ක්‍රියාවට නංවමින් සිටිනවා. නම්‍යශීලී විනිමය ප්‍රතිපත්තිය, විදේශ විනිමය වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමාවන් ඉවත් කිරීම සහ ආදායම් ඉහළ නැංවීමේ පියවර ක්‍රියාවට නැංවීම සහ ප්‍රධාන වෙළඳ භාණ්ඩවල මිල වෙළඳපොල පදනම් කරගෙන සැකසීම එවැනි පියවර කිහිපයක්.

එමෙන්ම පොදු ජනතාව ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාවට ප්‍රතිලාභ අත්කරදීම සහතික කරලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...