28 C
Colombo
Saturday, July 27, 2024

සාම්පූර් අත්අඩංගුවට ගැනීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

- Advertisement -

ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, මෙම අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටිනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් පොලිස් වසමේ චේනයූර් ප්‍රදේශයේ දී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ බව කියන කාන්තාවක් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් පසුගිය 12 වැනිදා රාත්‍රියේ සාම්පූර් පොලීසියේ යැයි කියන පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පිරිස තම මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදා හැරීම සිදු කිරීමෙන් පසු රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස වෙත පැමිණි පොලිසියේයැයි කියන පිරිස ඔවුන් බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම එලෙස අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ඇතැම් කාන්තාවන්ට කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකන ආකාරය ද ජනමාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම, කැඳ බෙදා හැරීමට පෙර පොලිසිය එය වළක්වමින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබෙනවා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි සිහිකිරීම් වලක්වමින් අධිකරණ නියෝග ගැනීම් කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා වුණු බවයි.

‘සිහිකිරීමේ අයිතිය‘ තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2016 දී රජයට නිර්දේශ ලබාදී තිබියදී පොලිසිය මෙලෙස සාමකාමී සිහිකිරීම් නතර කරමින් අධිකරණ නියෝග ලබා ගන්නා බවද එම සංගමය අවධාරණය කරනවා.

එම නිර්දේශ ගණනකට නොගෙන පොලිසිය සාමකාමී සිහිකිරීම් නතර කිරීම සඳහා මෙලෙස කටයුතු කරනවා පමණක් නොව ඊයේ අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි යන්න සොයා බලන බව කියමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත  කරවීමට ද කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය පහත සඳහන් ඉල්ලීම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

1)        සාම්පූර් සිදුවීම සම්බ්නධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය සහ එහි නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12.1, 12.2, 12.3, 13.1, 13.5, 14.1.අ, 14.1.ආ, 14.1.ඇ, 14.1.ඉ සහ14.1.ඊ යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටිමු.

2)        මූලිික අයිතිවාසිකම් කඩ කළ සහ කඩ කිරීමට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

3)        කාන්තාවන්ට කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකූ සහ ඊට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව වධහිංසා පනත යටතේ කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ නීතිපතිට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

4)        වෙනත් ප්‍රදේශවල කරන සිහිකිරීම්වලට පොලිසිය බාධා කිරීම නතර කිරීම සදහා පොලිස්පතිවරයාට සුදුසු නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

5)        මීට පෙර කොමිසම ලබා දුන් පොදු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කඩිනම් සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටිමු.

6)        සිහි කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.


RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...