29 C
Colombo
Tuesday, April 23, 2024

උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනයට අවසර

- Advertisement -

උඳු ආනයනය  කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් පමණ වන නමුත් එම නිෂ්පාදන වෙළෙඳ පොළට ලැබෙන කාල සීමාව හේතුවෙන් සෑම වසරකම අප්‍රේල් හා දෙසැම්බර් යන මාසවලදී වෙළඳපොලේ උඳු හිඟයක් දක්නට ලැබෙන බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි උත්සව සමයේදී වෙළඳපොලේ ඇතිවිය හැකි උඳු ඇට හිඟය වැළැක්වීම සඳහා සහ උඳු මිල ඉහල යාම පාලනය කිරීම සඳහා පියවර ගත යුතුව ඇති බව රජය පවසනවා.

එබැවින් දැනට උඳු ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති තාවකාලික තහනම ඉවත් කර 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ පනත මගින් පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය හරහා පමණක් දේශීය අවශ්‍යතාවය අනුව උඳු ඇට මෙට්‍රික් ටොන් 2000ක් ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ...

ඉරාන ජනපති හෙට ලංකාවට

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්...

ඉන්දීය සංචාරකයන් ගෙන්වන ශ්‍රී රාමායන් ට්‍රේල්ස්

ඉන්දු - ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...