34 C
Colombo
Friday, May 3, 2024

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

- Advertisement -

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා..

ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීම සඳහා වසර ලබා දීමට පසුගියදා තීරණය කළා.

එම ලූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කර තිබුණා.

ඒ අනුව, ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කර අලෙවි කිරීමට මෙම සාකච්ඡාවලදී තීරණය කර තිබෙනවා.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ මෙලෙස ආනයනය කරන පළමු තොගය ලෙස ලූනු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බවයි.

කෙසේවෙතත්, මෙරට මාසික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 20,000ක් පමණ වන බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...