24 C
Colombo
Tuesday, March 21, 2023

පාකිස්ථානය තුළ Youtube අවහිර කළාට ඉම්රාන් ඛාන්ගෙන් රජයට චෝදනා

- Advertisement -

දේශපාලන රැළි වලදී තමන් සිදුකරනු ලබන කතාවන් විකාශනය කිරීම වලක්වාලීම සඳහා පාකිස්ථාන රජය විසින් එරට තුල Youtube සමාජ මාධ්‍ය ජාලය අවහිර කර ඇති බව හිටපු අගමැති ඉම්රාන් ඛාන් චෝදනා කරයි.

පාකිස්ථාන රජය විසින් මේ වන විට Youtube සමාජ මාධ්‍ය ජාලය එරට තුල තාවකාලිකව තහනම් කිරිමට පියවර ගෙන ඇත.

කෙසේ වුවත් Youtube සමාජ මාධ්‍ය අවහිර කිරීමට හේතුව කුමක්ද යන්න මේ දක්වා පාකිස්ථානයේ විදුලි සංදේශන කොමිෂන් සභාව හෙළි කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර හිටපු අගමැතිවරයා විසින් රාජ්‍ය ආයතන සහ නිලධාරින් ඉලක්ක කරමින් සිදුකරනු ලබන ප්‍රකාශනයන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා ඔහුගේ කතා විකාශනය නොකරන ලෙස එරට මාධ්‍ය ආයතන වලට පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය විසින් දැනුම් දී තිබිණි.

විද්‍යුත් නියාමන අධිකාරිය සඳහන් කර සිටියේ හිටපු අගමැතිවරයා සිදුකරනු ලබන ප්‍රකාශයන් රාජ්‍ය ආයතනවලට එරෙහිව සිදුකරනු ලබන වෛරී ප්‍රකාශනයන් බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.