25 C
Colombo
Sunday, May 19, 2024

ඉම්රාන් ඛාන්ට ත්‍රස්තවාදී ලේබලයක් ඇලවේ

- Advertisement -

පාකිස්තානයේ හිටපු අගමැති සහ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් දේශපාලනඥයකු නොව ත්‍රස්තවාදියකු බව එරට තොරතුරු අමාත්‍යවරිය පවසා ඇත.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉම්රාන්ගේ Zaman Park නිවස ත්‍රස්තවාදීන්ගේ බංකරයක් සහ පෙට්‍රල් බෝම්බ නිෂ්පාදන රසායනාගාරයක් බවයි.

ඛාන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බලය අහිමි වීමෙන් පසුව පිස්සු වැටී සිටින බවටත්, දැන් දේශපාලනඥයාගෙන් ඔහු ත්‍රස්තවාදියෙකු බවට පත්ව ඇති බවටත්, ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය චෝදනා කර තිබේ.

ඇමතිවරිය පවසන ආකාරයට, ඉම්රාන්ට නීතිය කඩ කිරීමට ඉඩ දුන්නේ නම්, කල්ලි, දාමරිකයන් සහ ත්‍රස්තවාදීන් සෑම වීදියකින්ම මතු වී උසාවියට සහ පොලිසියට පහර දෙනු ඇත.

පසුගිය වසරේ අගෝස්තු 23 වැනිදා සිට අධිකරණයට කැඳවා ඇති නමුත් ඉම්රාන් නොපැමිණි බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ විට අධිකරණයට පහරදීමට ඔහුගේ අනුගාමිකයින් පොළඹවා ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...