34 C
Colombo
Monday, May 6, 2024

ඉම්රාන් ඛාන්ගෙන් කොටි බලකායක්

- Advertisement -

පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) සභාපති ඉම්රාන් ඛාන් ‘ඉම්රාන් කොටි’ නමින් බලකායක් දියත් කර ඇති අතර සැබෑ නිදහස පිළිබඳ පණිවිඩය ගෙයින් ගෙට ගෙන යාමට ඔහු සමග එක්වන ලෙස තරුණයින්ට ආරාධනා කර තිබේ.

ඛාන්ගේ වීඩියෝ පණිවිඩයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එහිදී ඔහු කියා සිටියේ තම පණිවිඩය රටේ අස්සක් මුල්ලක් නෑර ගෙන යන තම රටේ උද්‍යෝගිමත් තරුණයා, ඉම්රාන් කොටි බලකාය සමග එක්වනු ඇති බවයි.

ඉම්රාන් කොටි කණ්ඩායමට සම්බන්ධ වීමේ ක්‍රියාවලිය ද ඔහු පැහැදිලි කර ඇති අතර සැබෑ ස්වාධීනත්වය සඳහා වන පළමු පියවර මෙය වන බැවින් සියලුම තරුණ තරුණියන් ඊට පූර්ණ ලෙස සහභාගී විය යුතු බව ඔහු ඉල්ලා ඇත.

මැතිවරණ දිනයේ දී සිදුවන වංචාවන් නැවැත්වීම සඳහා තමාට කැපවූ සහ මතවාදී තරුණ තරුණියන් ඡන්ද මධ්‍යස්ථානවල සිටීම අවශ්‍ය බව ද ඔහු එහිදී පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...