28 C
Colombo
Monday, May 20, 2024

අවුරුදු දහතුනට ඇමති පුටු 111 වතාවක් මාරු වෙලා

- Advertisement -

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

වාර 111 ක් යනු ආසන්න වශයෙන් මාසයකට එක් වතාවක් ගැසට් පත්‍රයක් මගින් අමාත්‍ය මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකාව වෙනස් කර ඇති බවත් එලෙස මසකට වරක් ආමාත්‍යංශ සංයුතිය වෙනස් වනවිට ආයතනයකට ඵලදායි ලෙස වැඩ කළ නොහැකි බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා එහිදී සඳහන් කර සිටියා.

උදාහරණයක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දස වතාවක් 2010 සිට 2023 වසර දක්වා කාලය තුළදී අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මාරු කර ඇති බවත් 2020 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර ඇති බවත් මෙල් මහතා එහිදී පැවසුවා.

මෙරට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තිබෙන බවත් එය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන බවත් පැවසු මෙල් මහතා එක් කොටසක් නම් අමාත්‍යංශ වලට ගැලපෙන විෂයන් වෙන් නොකිරීම බවත් වරක් කෘෂිකර්මයට අදාළ වැඩ කොටස් අමාත්‍යංශ නවයකට බෙදා තිබූ බවත් පෙන්වා දුන්නා.

අනෙක් කොටස ලෙස අමාත්‍යංශවලට නොගැලපෙන වැඩ කොටස් එක් කිරීම බවත් වරක් සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු එකතු කර තිබූ බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා පැවසුවා.

අමාත්‍ය මණ්ඩලයේ සංයුතියේ තාර්කික බවක් තිබිය යුතු බවත් එය ඇති කිරීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය කළ අධ්‍යනයක් මගින් අමාත්‍ය මණ්ඩල 15 ක ආකෘතියක් නිර්මාණය කර ඇති බව පැවසු මෙල් මහතා එම ආකෘතිය ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂවලට ලබා දීමටද බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...