28 C
Colombo
Monday, June 24, 2024
spot_img

වැඩිකළ වතු කම්කරු වැටුප තවමත් නැහැ

- Advertisement -

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉකුත් මස 21 වැනිදා සිට තේ වතු සමාගම්වලට ගෙවන ලෙසට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර ඇතත්, එම වැටුප තවමත් මාසික වැටුපට එක් කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා.

වතු වෘත්තිය සමිති නායකයින් කියා සිටින්නේ, රජය මගින් නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියද, එම අතුරු තහනම් නියෝගය අභියචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරිම නිසා තේ වතු සමාගම් විසින් ඉකුත් මස 21 වැනිදා සිට එම වැටුප වතු කම්කරුවන්ට ගෙවිය යුතු බවයි.

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට තේ වතු සමාගම්වලට වාර්ෂිකව රුපියල් බිලියන 48ක් අමතර පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්, තේ නිෂ්පාදනය සදහා වැය වන අධික පිරිවැය හේතුවෙන් එම අමතර පිරිවැය වැටුප තේ වතු සමාගම්වලට දරාගත නොහැකි බවයි තේ වතු සමාගම් වල උසස් නිලධාරින් කියා සිටියේ.

උඩරට තේ වතු සමාගම් වල වතු අධිකාරිවරුන් සඳහන් කළේ, මාතලේ ප්‍රදේශයේ රජයට අනුබද්ධ තේ වතු සමාගමක් විසින් මේ මස 10 වැනිදා වතු කම්කරුවෙකුට රුපියල් 1700 වැටුප ගෙවා ඇති බවත්, එම වැටුප ගෙවිමට මහ භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබාදි ඇති බවයි.

තවද, එම වතු සමාගම විසින් එම වතු සමාගමේ සේවය කරන වතු කම්කරුවන්ට වසර 15ක පමණ කාලයක් EPF සහ ETF මුදල් ගෙවා නොමැති බවයි එම නිලධාරින් කියා සිටින්නේ.

එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, රජයෙන් වතු කම්කරුවන්ට වැඩිකල නව වැටුප් ගෙවිම සම්බන්ධයෙන් වතු සමාගම් දැඩි අර්බුධයකට පත් වි ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පාසල් අනධ්‍යන සේවකයින් ලෙඩ වෙලා

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25)  දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන...

කන්න බැරි හාල් කිලෝ තිස්දාහක් බෙදන්න ගිහින්

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව...

ගාසා ළමා අරමුදලට කාත්තන්කුඩියෙන් රුපියල් කෝටියක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...