28 C
Colombo
Saturday, July 27, 2024

සජිත්ට රට ගොඩගන්න පුලුවන් කියලා ඉන්දියාවත් දන්නවා – සුජීව සේනසිංහ

- Advertisement -

පුළුල් සන්ධානයක් සමඟ ජනාධිපතිවරණයට එකතු වීමට සමගි ජන බලවේගය සූදානම් බව හිටපු මන්ත්‍රීවරයෙකු වන සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකඡාවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ, රටට දායකත්වයක් ලබා දීමට හැකියාව ඇති පිරිස් තමන් සමඟ එකතු වෙමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“හොරු, මංකොල්ලකාරයින් , අන්තවාදීන් අපි එකතු කර ගන්නේ නෑ. ඉගෙන ගත්ත, අද්දැකිම් තිබෙන, වැඩක් කරන්න පුළුවන් පිරිසක් තමයි අපි එකතු කර ගන්නේ. දුෂණයට වංචාවට විරුද්ධ, ජනතාව වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක් නිසා තමයි සජිත් ප්‍රේමදාසට සියලු දෙනා සහයෝගය ලබාදෙන්නේ. දුෂණයට වංචාවට විරුද්ධ අත්දැකීම් තිබෙන තමන්ගේ පවුල පෝෂණය කරන්නේ නැති නායකයෙක් රටේ නායකයා බවට පත්වුණොත් රට තිබෙන තැනින් ගොඩ ගන්න පුළුවන්. 94 සිට එවැනි නායකයෙන් රටේ බිහිවුණේ නෑ.

අපි ඉන්දියාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමේ සුදානමක් තිබෙන බව ප්‍රවෘත්ති වාර්තා කරලා තිබුණා. ඒ ප්‍රවෘත්ති සම්පුර්ණ අසත්‍යයි. අපිට එහෙම කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඉන්දියාව සමඟ සහ ඉන්දිය නායකයන් සමඟ අපි සමීපව කටයුතු කරනවා. ඉන්දියාවට අවශ්‍ය දියණු වන ශ්‍රී ලංකාවක් දකින්න. ඉන්දියාව දියුණු වෙනවානවම්, පකිස්තානය දියුණු වෙනවානම් ශ්‍රී ලංකාවට වාසියි. ඒ රටවල ආර්ථිකය කඩා වැටුණොත් ඒක ලංකාවටත් බලපානවා. ඒ රටවල දියුණුව අපේ රටට විශාල ලෙස බලපානවා. මේ කාරණය පක්ෂයක් ලෙස අපි අවබෝධ කරගෙන තිබෙනවා.

ඉන්දියාව ඇතුළු අවසල්වැසි රටවල් අපිට විශාල කැමැත්තක් තිබෙනවා. මොකද ලංකාව තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන් වෙන්නේ අපේ රජයකට කියලා ඔවුන් දන්නවා”

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...