ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටිනවා.
එය ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයනයට යොදාගැනෙනු ඇති අතර මෙහි දී ණය පහසුකමෙන් 75% ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි 25% වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකි වන ලෙසකොන්දේසි පණවා තිබෙනවා.
ණය පහසුකම මාස හයක කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දිගු කළ හැකි බවයි ඉන්දීය මහ බැංකුව දන්වා ඇත්තේ.