33 C
Colombo
Friday, May 3, 2024

ප්‍රචණ්ඩත්වය මැද පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණය (වීඩියෝ)

- Advertisement -

2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේ අතරින් මනිපූර් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු ආසනය සඳහා ඡන්ද විමසීම ඊයේ (19) ආරම්භ කෙරුණු අතර එහි පළමු දිනයේදීම මැතිවරණ ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසක් සිදුව ඇති  බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, මනිපූර්හි ඡන්ද විමසීම පැවැත්වෙන අතරවාරයේදී වෙඩි තැබීම්, ඡන්දය ලබා දෙන විද්‍යුත් උපකරණ සඳහා හානි කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදුව ඇති බවයි.

එමෙන්ම, අවිගත් කණ්ඩායම් විසින් ඡන්ද දායකයින්ට මෙන්ම ඡන්ද මධ්‍යස්ථාන භාරව සිටින නිලධාරීන්ට තර්ජන එල්ල කරමින් බිය වැද්දවීමේ සිදු වීම්ද මනිපූර් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය  වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර, ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ශාව සඳහා රාජ්‍ය හමුදා භට පිරිස් මෙන්ම පොලිස් කණ්ඩායම් යොදවා තිබුණද ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩකාරී පිරිස් මාර්ගවල නිදහසේ සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

කුරායි සභා ආසනය යටතේ පවතින එක් ඡන්ද මධ්‍යස්ථානයක් අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති ආකාරයද එම දර්ශන පෙන්නුම් කරනවා.

මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් මනිපූර්හි ප්‍රධාන මැතිවරණ නිලධාරී ප්‍රදීප් කුමාර් මෙලෙස අදහස් පළ කර තිබුනා.

“බිෂ්නුපූර්වල කණ්ඩායම් දෙකක සාමාජිකයින් විසින් සිදු කළ වෙඩි තැබීමක් ඇතුළුව ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් ගැන අපිට වාර්තා වෙනවා. ඒ වගේම, ඡන්දය ලබා දෙන විද්‍යුත් උපකරණ සඳහා හානි කිරීම් ගැනත් මේ වන විට තොරතුරු ලැබෙනවා. මේ අවස්ථාවේ අපි උත්සාහ කරන්නේ මේ සිදුවීම් ගැන තොරතුරු සියල්ල එක් රැස් කරගන්න.”

කෙසේවෙතත්, මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර ඊයේ සවස 5 වන විට  ඡන්දදායකයින්ගෙන් 70% ක පමණ පිරිසක් ඡන්දය ලබා දී තිබූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අවසාන ගණනය කිරීම්වලින් අනතුරුව මෙම ප්‍රතිශතයන් තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවද එම වාර්තා පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, මනිපූර් ප්‍රාන්තයේ  කන්පොක්පි දිස්ත්‍රික්කයේ බොහෝ ඡන්ද මධ්‍යස්ථාන ඊයේ පාළු ස්වාභවයක් ගෙන තිබුණා.

කුකී සංවිධානයක් වන ගෝත්‍රික එකමුතුව පිළිබඳව කමිටුව විසින් ඡන්දය වර්ජනය කරන ලෙස කරන ලද ඉල්ලීමක් හේතුවෙන් ඇතැම් පිරිස් ඡන්ද පොළට නොපැමිණීම මීට හේතු වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...