මහව සිට අනුරාධපුරය දක්වා ඉඳිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසනවා.
සංඥා පද්ධතිය පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි සඳහන් කරනවා.
ඒ සඳහා වැය වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වන අතර ඉන්දියානු ණය ආධාර අනුව එම සංඥා පද්ධතිය මෙරටට ලැබෙනු ඇති.
පසුගියදා ඉන්දීය නියෝජිතයින් සමග තමා ඉන්දියාවේදී ඒ පිළිබද සාකච්ඡා කළ බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා තවදුරටත් සඳහන් කර සිටියා.