29 C
Colombo
Saturday, July 27, 2024

අපේ මුහුදෙන් වසරකට ඩොලර් මිලියන 2000 ක මාලු ඉන්දියාව හොරකම් කරලා

- Advertisement -

මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වසරකට ඩොලර් මිලියන 2000ක් වටිනා මත්ස්‍ය අස්වැන්නක් ඉන්දීය ධීවරයින් විසින් නෙළා ගන්නා බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ මහතා පැවසුවේ, වසර 30කින් නාරා ආයතනය උතුරු, නැගෙනහිර ප්‍රදේශයේ මුහුදු පිළිබඳ නිවැරදි සමීක්ෂණයක් සිදු කර නොමැති බවට අනාවරණය වූ බවයි.

මෙහිදී පැමිණෙන ඉන්දීය ධීවරයින් විසින් ටෝලර් යාත්‍රා මඟින් රැගෙන එන තහනම් ආම්පන්න මුහුදු පතුලට පවා විශාල හානියක් සිදුකරන බවත් එය තව අවුරුදු සිය ගාණනකට නැවත යතාවත් නොවන ආකාරයේ හානියක් බවත් පැමිණි විශේෂඥ කණ්ඩායම්,විශේෂ පර්යේෂකයින් හා උතුරු නැගෙනහිර ධිවර ප්‍රෙද්ශවල කණ්ඩායම් පෙන්වා දී තිබුණා.

මෙම කාරක සභාව හමුවට ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලු නිලධාරීන් කැඳවා තිබු අතර නාරා ආයතනය, ධීවර සංස්ථාව, ධීවර නීතිගත සංස්ථාව ඇතුළු තවත් ආයතන කිහිපයක සාමාජිකයින්ද ඇතුලත්.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...