33 C
Colombo
Friday, May 3, 2024

ඊශ්‍රායලය ගැන ඉන්දියාවත් අවධානයෙන්

- Advertisement -

ඊශ්‍රායලය සහ ඉරානය අතර උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය සහ මැද පෙරදිග පවතින යුද උණුසුම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඒ අතරින් ඊශ්‍රායලයේ රැඳී සිටින ඉන්දීය වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.

එරට සිටින ඉන්දියානු පුරවැසියන්ට සන්සුන්ව සිටින ලෙසත්, පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ලද ආරක්ෂක උපදෙස් වලට අනුකූල වන ලෙසත්, පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ ඉන්දියානු තානාපති කාර්යාලය උපදේශනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ඊශ්‍රායලය තුළ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඊශ්‍රායල බලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින බව ද ඉන්දීය තනාපති කාර්යාලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...