එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව එක්සත් ජනපද බලධාරීන්ට සිය දැඩි විරෝධය පළ කර ඇත.
“රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීමේ මූලික වගකීම එක්සත් ජනපද රජයට මතක් කර දෙන ලදී. එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ” යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
ඛලිස්තාන් ආධාරකරුවන් විසින් මෙම පහදීම සිදුකර ඇති බව පැවසේ. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ වීඩියෝ පටවල දැක්වෙන්නේ, ඛලිස්තාන ධජ රැගෙන පැමිණෙන පිරිස් කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට පහර දෙන ආකාරයයි.
එක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද පසුගියදා මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.
නවදිල්ලියේ සිටින ජ්‍යෙෂ්ඨතම බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීයා කැඳවූ ඉන්දීය විදේශ අමාත්‍යංශය සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය සහ බලවත් අප්‍රසාදය දැනුම් දී තිබේ.
පසුගිය කාලයේ විදේශ රටවල මෙවැනි ඛලිස්තානි කොටස්වල ප්‍රහාර ඉහළ ගොස් තිබේ.