28 C
Colombo
Saturday, July 27, 2024

බටහිර පර්යන්තය ගැන රජයේ ප්‍රකාශය පිළිබදව ඉන්දියාව පුදුම වෙයි

- Advertisement -

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමක් සමඟ සංවර්ධනය කිරීම පිළිබදව ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය පිළිබදව තමන් විමතියට පත්වන බවයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (02) නිවේදනය කළේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීම, සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කර පවරාදීම සඳහා වූ යෝජනාවට ආයෝජකයින් නම්කරන ලෙස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට කල ඉල්ලීමට ඔවුන් ප්‍රතිචාර දක්වා ඇති බවයි.

ඒ අනුව ආදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබෙන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා.

කෙසේ වෙතත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන අනුමත කිරීම ශ්‍රී ලංකා රජයේ කාර්යයක් මිසක එය ඉන්දියාවේ කාර්යයක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...