27 C
Colombo
Friday, April 19, 2024

ඉන්දු – පකිස්තාන විදේශ ඇමතිවරුන් එකවිටම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

- Advertisement -

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර් සහ පකිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් කුරේසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එකවර සංචාරයක නිරතවන බව වාර්තා වේ.

දෙරට අතර යම් සහයෝගීතාවයක් ගොඩනැංවීම සදහා මෙම අවස්ථාව ⁣යොදා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කෙසේවෙතත් මෙහිදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් සිදුනොවන බව ඉන්දියාව මෙන්ම පකිස්තානයද සදහන් කර තිබේ.

කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල් බින් සායිඩ් දෙරටේම විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

එහිදී ඉන්දියාව සහ පකිස්තානය අතර යම් සහයෝගීතාවයක් ඇතිකිරීමද ඔහුගේ සාකච්ඡා න්‍යාය පත්‍රයට ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...