30 C
Colombo
Monday, May 29, 2023

එක්දින තරඟාවලියේ ජය ඉන්දියාව⁣ට

- Advertisement -

තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු තුනකින් ජයගනිමින්.

කොළඹ ආර්ප්‍.රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තා.

කලකට පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර සමස්තයක් වශයෙන් පිතිකරුවන් සිය වගකීම සැලකිය යුතු තරමින් ඉටු කරනු දක්නට ලැබුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් සහ චරිත් අසලංක ලකුණු 65ක් ලබා ගත්තා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු ලකුණු 44යි.

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුල ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලෙස දැක්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා කල් ඇතිවම ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහි වාසිය තවදුරටත් සිය කණ්ඩායම මත රඳවා ගත් පන්දුයවන්නන් ඉන්දීය ලකුණු පුවරුව 193ක් වෙද්දී කඩුලු 7ක් දවාගැනීමට සමත්ව සිටියා.

එහිදී සිය පන්දුවාර 10 තුල ලකුණු 37ක් පමණක් ලබා දෙමින් වනිඳු හසරංග පෑ දස්කම විශේෂයි.

නමුත් අටවන කඩුල්ල සඳහා භුවනේෂ් කුමාර් සමග පිටියේ එක්වූ දීපක් චාර් නොතිබූ ජයග්‍රහණයක් කරා ඉන්දීය කණ්ඩායම වගකීම් සහගත ලෙස රැගෙන ගියා.

දීපක් චාර් නොදැවී ලකුණු 69යි.

එම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර තුන්වන සහ අවසන් තරඟය ලබන සිකුරාදා (23) පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

සා. පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවයි

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව අද(29) කටයුතු කර තිබෙනවා.

පුරවර උදානය නවතින ලකුණු?

අනුරාධපුර මහ නගර සභාව මගින් පොසොන් උත්සවය සමයේ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙලේ පාසැල් පිහිටි ප්‍රදේශයේ පිහිටි වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී ලබන මැයි මස...

RECENT ARTICLES - ENGLISH

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...

Distinguished diplomat Jayantha Dhanapala passed away

0
Jayantha Dhanapala, a distinguished diplomat who served as the United Nations Under-Secretary-General for Disarmament Affairs and as Sri Lanka's Ambassador to the...