25 C
Colombo
Saturday, March 22, 2025

තියුණු සටනකින් පසු ඉන්දියාවට ජය

- Advertisement -

ආසියානු කුසලාන 2023 තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ 10 වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගල අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 49 යි පන්දු 01 දී සියළු දෙනාම දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

මෙහිදී දුනිත් වෙල්ලාලගේ විශිෂ්ඨ පන්දු යැවීමක් සිදුකරමින් කඩුලු 5 ක්ද චරිත් අසලංකද විශිෂ්ඨ පන්දු යැවීමක් සිදුකරමින් කඩුලු 4 ක් ලබාගත්තා.

මහීෂ් තීක්ෂණ විසින් කඩුලු 01ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 41 පන්දු 3 දී සියලු දෙනාම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 172 පමණයි.

ඒ අනුව අද තරගයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා ලකුණු 41 ජයක් ලැබුවා.

ශ්‍රි ලංකා කණ්ඩායමේ චරිත් අසලංක ලකුණු 22, ධනංජය ද සිල්වා ලකුණු 41, දුනිත් වෙල්ලාලගේ ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රා කඩුලු 02, මොහොමඩ් සිරාජ් කඩුලු 01, කුල්දීප් යාදෙව් කඩුලු 02, රවීන්ද්‍ර ජඩේජා කඩුලු 02, බැගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු ලබා ගත්තා.

මේ සමඟ එක්දින තරගයකදී අඛණ්ඩව ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු දහයම දවාගැනීමේ ලෝක වාර්ථාව තවත් එක් පියවරකින් ඉදිරියට රැගෙන යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණු අතර ඔවුන් මේ වන විට තරග 14කදී අඛණ්ඩව ප්‍රතිවාදීන්ගේ කඩුලු දහය දවාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES