31 C
Colombo
Saturday, May 18, 2024

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

- Advertisement -

එක්දින ලෝක කුසලානයේ 12වැනි තරගය වන ඉන්දියා – පාකිස්ථාන තරගය අද (14) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 50ක දී සියලු දෙනාම දැවි ලකුණු 191ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දු ඕවර 30 යි පන්දු 3 දී කඩුලු 3ක් දැවි ලකුණු 192 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ නායක Rohit Sharma ලකුණු 86 ක් ද, Shreyas Iyer ලකුණු 53 ක් ද, KL Rahul ලකුණු 19 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී Shaheen Shah Afridi කඩුලු 02 ක් ද, Hasan Ali කඩුලු 01 ක් ද ලබා ගත්තා.

ඒ අනුව 2023 ලෝක කුසලාන තරගාවලියේ 12 වෙනි තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදවා ඉන්දීය කණ්ඩායම කඩුලු 07 කින් ජයග්‍රහණය කලා.

RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...