28 C
Colombo
Saturday, July 27, 2024

කුලියාපිටියේ බුදු පිළිම කැඩුවාට ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට

- Advertisement -

කුලියාපිටිය – රත්මලේවත්ත – නුගේබෝධිය අසල බුදු මැදුරේ තිබූ බුදු පිළිම හතරක සිරස කඩා බිඳ දැමීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගන්නා විට ඔහු අධික බීමතින් සිටි බවයි.

වීසා ලබාගෙන පැමිණ සිටින සිටි මෙම ඉන්දීය ජාතිකයා එම ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී සිටින බවත් අධික ලෙස බීමතට ඇබ්බැහි වූ පුද්ගලයෙක්බව පොලිසිය සඳහන් කරනවා.

මෙම සිදුවීම හේතුවෙන් ඉකුත් 17 වැනි දා එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් ප්‍රකෝපකාරීව හැසිරෙන්නට වූ අතර පොලිසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද (19) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...