29 C
Colombo
Sunday, June 4, 2023

ඉන්දියානු කොවිඩ් 19 ප්‍රභේදය දෙමටගොඩින් රටපුරා ව්‍යාප්ත වීමේ අවදානමක්

- Advertisement -

දෙමටගොඩ ප්‍රදේශයේදී පෙරේදා (17) මුලින් අනාවරණය කරගත් ඉන්දියානු ප්‍රභේදය රටේ සෙසු ප්‍රදේශවලට ද ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

දෙමටගොඩ 66 වත්ත ලෙස හැඳින්වෙන ප්‍රදේශය සීමිත පහසුකම් සහිත විශාල ජනගහනයක් සිටින ප්‍රදේශයක් වන බවත් ඇතැම් පදිංචිකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වූ පිරිසක් බව මහජන සෞඛ්‍ය පරපරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානි උපුල් රෝහණ මහතා පැවසීය.

මෙම ප්‍රදේශයේ පවුල් 149 ක් හා සම්බන්ධ වූ පුද්ගලයින් 900 ක් පමණ වෙසෙන බවට ගණන් බලා තිබේ.

පදිංචිකරුවන්ගෙන් බහුතරයක් සනීපාරක්ෂක වෘත්තියේ යෙදී සිටින අතර සැලකිය යුතු පිරිසක් ත්‍රිරෝද රියදුරන් වේ.

එවැනි පසුබිමක් තුළ ඉන්දියානු ප්‍රභේදය රටේ වෙනත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වමේ බරපතල අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.

රට තුළ සංචාරක සීමාවන් තිබුණද ප්‍රදේශයේ පදිංචිකරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරින බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව අවදියෙන් සිටින ලෙසත් භයානක ඉන්දියානු ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සියලු වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශවලින් වැඩිදුරටත් ඉල්ලීම් සිදු කළ බව ද ඒ මහතා පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...