මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු ඔවුන්ගේ යාත්‍රා 5ක් සමග අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාකර තිබෙනවා.
මෙලෙස නාවික හමුදා දකුණු විධානයෙන් එක් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර නාවික හමුදා නැගෙනහිර විධානයෙන් මුලතිවු මුහුදු සීමාවේදී තවත් යාත්‍රා 2ක් අත්අඩංගුවට ගැණුනා.
ශ්‍රී ලංකා නාවික හමුදා මධ්‍යම විධානය විසින් මන්නාරම මුහුදු තීරයේදී තවත් ඉන්දීය ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.