29 C
Colombo
Thursday, June 1, 2023

උත්සව කෝවිඩ් පොකුරු වැළැක්වීමට සීමා පනවන්නැයි ඉන්දීය මධ්‍යම රජයෙන් ප්‍රාන්තවලට උපදෙස්

- Advertisement -

ඒ ඒ ප්‍රාන්තවලට සම්බන්ධ විවිධ උත්සවවලට අදාළ වන පරිදි කොරෝනා පැතිරීම වැළැක්වීමේ සීමා පනවන්නැයි ඉන්දීය මධ්‍යම රජය එරට ප්‍රාන්තවලට උපදෙස් නිකුත් කර තිබේ.

අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල විවිධ උත්සව පැවැත්වෙන අතර එහිදී ලක්ෂ සංඛ්‍යාත ජන ඒකරාශිවීම් දැකගත හැකිය.

මෙහිදී යළිත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බැවින් එය වැළැක්වීම සදහා ප්‍රාන්ත මට්ටමින් අදාළ ප්‍රදේශ සහ කාල පදනම් කරගෙන සීමා පනවන ලෙස මධ්‍යම රජයෙන් උපදෙස් නිකුත් කර තිබේ.

පසුගිය මාර්තු අප්‍රේල් කාලයේ ඉන්දියාව පුරා කොරෝනා රැල්ලක් හටගත් අවස්ථාවේදී දෛනික අසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්වමා ගියත් මේ වනවිට එරට තුළ දෛනික කො⁣රෝනා ආසාදිතයන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 40,000 ක් පමණ වේ.

එයිනුත් සියයට පනහක් පමණම වාර්තා වන්නේ කේරල ප්‍රාන්තයෙන් වන අතර දිල්ලිය, උත්තර ප්‍රදේශ වැනි ප්‍රාන්තවල දෛනික අසාදිතයන් සංඛ්‍යාව පවතින්නේ සියයකටත් අඩු මට්ටමකය.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...