29 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාවේ කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමැතිය ඉල්ලයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය පාලනයට ඉන්දියාව සම්පූර්ණයෙන්ම දේශියව නිපදවූ කොවැක්සින් එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කෙරෙමින් ඇතැයි වාර්තා වේ.

ඒ එම එන්නත් සියයට 77.8 ඵලදායීත්වයකින් සහ සියයට 93.4 කින් අසාධ්‍යවීම වළක්වන බවටත් අවසන් අදියරේ පරීක්ෂණවලදී තහවුරැ වීමත් සමගයි.

කෙසේවෙතත් දැනටමත් මෙම එන්නත රටවල් 13ක් විසින් හදිසි භාවිතයට අනුමැතිය ලබාදී එන්නත්කරණය සදහා භාවිතා කෙරේ.

ඉන්දියාව ,පිලිපීනය,මෙක්සිකෝව, ඉරානය ඇතුලු රටවල් රැසක් ඒ අතර වේ.

ඉන්දියාවේ ප්‍රතිශක්තිකරණ සදහා භාවිතා කරන ප්‍රධානතම එන්නත් දෙක වන්නේ මෙම කොවැක්සින් එන්නත සහ කොවිෂීල්ඩ් එන්නතයි.

ඉන්දීය රාජ්‍ය සමාගමක් වන භාරත් බයෝටෙක් ආයතනය මෙම එන්නත නිෂ්පාදනය කරන අතර මසකට එන්නත් මිලියන 23 ක් බැගින් නිෂ්පාදනය කෙරේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...