29 C
Colombo
Saturday, July 27, 2024

චීනයේ 5G තාක්ෂණයට ඉන්දියාවේත් ඉඩක් නෑ

- Advertisement -

ඉන්දියවේ ජංගම දුරකතන සමාගම් මගින් සිදුකරන 5G තාක්ෂණය යොදාගැනීමේ පර්යේෂණවලදී චීන සමාගම්වල තාක්ෂණික සහය ලබාගැනීම තහනම් කර තිබේ.

එරට ⁣රාජ්‍ය බලධාරීන් නියෝග කර ඇත්තේ අදාළ පරීක්ෂණ සදහා හුවාවි, ZTE යන සමාගම්වල තාක්ෂණික සහය ලබාගැනීමත් උපකරණ භාවිතා කිරීමත් තහනම් වන බවයි.

අදාළ චීන සමාගම් දෙක විසින් 5G තාක්ෂණික සහය ලබාදීම සහ උපකරණ සැපයීම හරහා විවිධ රටවල දත්ත ලබා ගන්නා බවටත් ඒ හරහා ආරක්ෂක ගැටලු මතුවන බවත් ප්‍රකාශ වී තිබේ.

ඒ අනුව ඇමරිකාව මෙන්ම යුරෝපා රටවල් රැසක්ද චීන සමාගම් හරහා 5G තාක්ෂණය යොදාගැනීම තහනම් කර ඇත.

ඒ අනුව ඉන්දියාවද මෙම තීරණයට එළඹ ඇති අතර චීනය විසින් ඉන්දියාවේ මෙම තීරණය අසාධාරණ සහ පදනම් විරහිත බවට චෝදනා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...