ස්මොග් ටවර් හෙවත්, වායුගෝලයේ ඇති දූෂිත වාතය උරාගෙන පිරිසිදු වාතය බැහැර කිරීමේ කුළුණක් ඉන්දියාවේ දිල්ලි අගනුවර විවෘත කර තිබේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස ඉන්දීය රුපියල් කෝටි විස්සක වියදමින් ඉදිකර ඇති මෙම කුළුණ මගින් තත්පරයකට පිරිසිදු වාතය කියුබික් මීටර 1000ක් පමණ මුදා හැරේ.
මීටර විස්සක් උසැති කුළුණේ සිට වර්ග කිලෝමීටර එකක පමණ දුරකට පිරිසිදු කරන ලද වාතය පැතිරෙන බව බලධාරීහු සදහන් කරති.
මාසයක තාලයක් තුළදී ව්‍යාපෘතියේ සාර්ථකභාවය ඇගයීමට ලක්කර තවත් මෙවැනි කුළුණු ඉදිකිරීමට කටයුතු කරන බව දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කේජිරිවාල් සදහන් කරයි.
දිල්ලිය ලොව වායු දූෂණය ඉහළ නගරයක් ලෙස සැලකෙන අතර මේ හරහා එම තත්වයට යම් පිළියමක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.