28 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාවේ “පියාඹන සික්” කොවිඩ් වෛරසයට බිලිවෙයි

- Advertisement -

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම මළල ක්‍රීඩකයකු ලෙස සැලකෙන මිල්කා සිං කොවිඩ්-19 ආශ්‍රිත සංකූලතාවයන් හේතුවෙන් මිය ගොස් තිබේ.

වයස අවුරුදු 91 ක් සම්පූර්ණ කළ මිල්කා සිං, සිකුරාදා රාත්‍රියේ උතුරු චන්දිගාර් හි රෝහලක දී මිය ගිය බව පවුලේ ඥාතීන් විසින් තහවුරු කරන ලදී.

“පියාඹන සික්” ලෙස ඉන්දියානුවන්ගේ ආදරයට ලක් වූ මිල්කා සිං ආසියානු රන් පදක්කම් හතරක් දිනාගෙන ඇති අතර 1960 වසරේ රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ දී මීටර් 400 ධාවන තරඟයෙන් සිව්වන ස්ථානය දිනා ගත්තේය.

2013 වසරේ දී ඔහුගේ ජීවිත කතාව සිනමාවට ද නැගුණි.

එහි දී ෆර්හාන් අක්තාර් විසින් මිල්කා සිංගේ චරිතය නිරූපනය කරන ලදී.

මිල්කා සිංගේ පෞරුෂයේ සිත්ගන්නා සුළු ස්වභාවය නිසාම චිත්‍රපටය ලොව පුරා රසිකයන් අතර ඉමහත් ජන්ප්‍රියත්වයට පත් විය.

නිදහස් ඉන්දියාවේ පළමු සුපිරි තරුව වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විට් පණිවුඩයක් නිකුත් කරමින් ගිණිය නොහැකි තරම් ඉන්දියානුවන්ගේ හදවත් සොරකම් කළ ක්‍රීඩකයකු අහිමි වූ බව සඳහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...