25 C
Colombo
Monday, February 26, 2024

ඉන්දියාවේ තිරිඟු වාර්තාවක් තියයි

- Advertisement -

ඉන්දියාවේ තිරිඟු නිෂ්පාදනය 2022-23 බෝග වර්ෂය තුළ, ටොන් මිලියන 112 කට වඩා වැඩි නිෂ්පාදනයක් හරහා නව වාර්තාවක් පිහිටුවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2021-22 බෝග වර්ෂයේ ප්‍රධාන ප්‍රාන්තවල අධික උෂ්ණත්වය හේතුවෙන් තිරිඟු නිෂ්පාදනය ටොන් මිලියන 106.84 දක්වා පහත වැටී ඇත.

ඊට පෙර, 2020-21 වසර තුළ රට තිරිඟු නිෂ්පාදනය ටොන් මිලියන 109.59 ක වාර්තාගත අගයක් වාර්තා කර තිබිණි.

වර්තමාන කාලගුණික තත්ත්වයන් සහ වගාකරන භුමි ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් තිරිඟු බෝගයේ භෝග අපේක්ෂාව වඩා යහපත්වී ඇති බවත්, මේ වසරේ මුළු නිෂ්පාදනය ටොන් මිලියන 112 කට වඩා වැඩි වනු ඇතැයි ගණන් බලා ඇති බවත් වාර්තා සඳහන් කරයි.

තිරිඟු වැපිරීම ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කර ඇති අතර අස්වැන්න නෙලීම මාර්තු/අප්‍රේල් සිට ආරම්භ වීමට නියමිතය.

නවතම දත්ත වලට අනුව, ගොවීන් 2022-23 බෝග වර්ෂයේ පළමු කන්නයේ ජනවාරි 6 දක්වා හෙක්ටයාර් ලක්ෂ 332.16 ක තිරිඟු වපුරා තිබේ. ඒ පසුගිය වසරේ එම කාලය තුළ වගා කල හෙක්ටයාර් ලක්ෂ 329.88 ට සාපේක්ෂවයි.

RECENT ARTICLES - SINHALA

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල...

අනතුරක් නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි තදබදයක්

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...