33 C
Colombo
Monday, May 6, 2024

ලෝක භූ දේශපාලනයට නව මානයක් ලබා දෙන ඉන්දු – රුසියා සබඳතා

- Advertisement -

1971 දී පකිස්තානය විසින් එවකට නැගෙනහිර පකිස්ථානය ලෙස හැඳින්වූ ප්‍රදේශයට තම සෙබළුන් යොමු කළ අවස්ථාවේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය බෙංගාල බොක්ක වෙත යුද නැව් යවා ජන සංහාරයක් සිදුකිරීමෙන් ඉන්දියාව වැලැක්වීමට ක්‍රියාකරනු ලැබුවා. කෙසේ වෙතත්, මොස්කව්, නව දිල්ලිය සමඟ දැඩිව සිටගත් අතර, සෝවියට් නාවික හමුදාව එහි යවා, අවසානයේ බ්‍රිතාන්‍යයන් සහ ඇමරිකානු බලඇණි කලාපයෙන් ඉවත් කළා. ඉන්දියාව, පකිස්ථානයට එරෙහි යුද්ධය ජයගත් අතර නැගෙනහිර පකිස්ථානය වෙනුවට 1971 දෙසැම්බරයේ බංග්ලාදේශය නම් අලුත් රටක් ලෝක සිතියමට එක් වුණා.

ඉන්දියාව 1971 දී අලුත උපන් බංගලිදේශය පිළිගැනීමේ දිනය සමරන දෙසැම්බර් 6 වනදාම අගමැති නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහත් හරසරින් පිළිගත්තා. මෙවර සමුළුවේදී ඉන්දියාව සහ රුසියාව නව සමතුලිතතාවයක් හඹා යෑම සඳහා ද්විපාර්ශ්වික සබඳතා පිලිසකර කර ගැනීමටත්, වර්තමාන භූ දේශපාලනික යථාර්ථයන්ට අනුගත වීමටත් උත්සාහ කරන අයුරු දැකගත හැකි වුණා.

යුක්රේනය මුල්කරගනිමින් එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය සමඟ රුසියාව යමි ආන්දෝලනයක් උත්සන්න වූ අවස්ථාවක, පුටින් මෝදි මුණගැසීම සඳහා නවදිල්ලියට පැමිණියා. අනෙක් අතට, මතභේදයට තුඩුදී ඇති දේශ සීමාවේ වර්ධනය වන චීන බලපෑම් හමුවේ ඉන්දියාව එක්සත් ජනපදය සමඟ ගොඩනඟමින් සිටින උපායමාර්ගික ඒකාබද්ධතාව මධ්‍යයේ මෝදි රුසියානු ජනාධිපතිවරයා පිළිගත්තා. කෙසේ වෙතත් නායකයන් දෙදෙනා සබඳතාවල බිඳ වැටීම නැවැත්වීමට උත්සාහ කළා.
නායකයින්ගේ සමුළුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර දෙසැම්බර් 6 වන දින උදෑසන දෙරටේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර සංවාදයක් ද පැවැත්විණි. “ඉන්දියාව-රුසියාව: සාමය සඳහා හවුල්කාරිත්වය” යන මාතෘකාවෙන් කරුණු 99කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයකට අමතරව, දවස අවසන් වන විට ද්විපාර්ශ්වික ගිවිසුම් 28කට අත්සන් තැබුණා.

වඩාත්ම වැදගත් ප්‍රතිඵලය වූයේ රුසියානු AK-203 රයිෆල් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ තවත් වසර 10ක් සඳහා හමුදා-තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අලුත් කිරීම මඟින් ආරක්ෂක ක්ෂේත්‍රයේ දැනට පවතින සහ අනාගතයේදී ඇති විය හැකි සහයෝගිතාව ගෙනහැර දැක්වීමයි. එමඟින් ඇඟවෙන්නේ, එක්සත් ජනපදයේ විරෝධය නොතකා ඉන්දියාව රුසියාව සමඟ දශක ගණනාවක් පැරණි ආරක්ෂක සහයෝගීතාවය දිගටම පවත්වාගෙන යනු ඇති බවයි.

පසුගිය දශක කිහිපය තුළ භූ දේශපාලනයේ බොහෝ මූලික වෙනස්කම් මධ්‍යයේ වුවද “ඉන්දියා-රුසියාවේ මිත්‍රත්වය” “ස්ථාවර” ලෙස පවතින බව සමුළුව අතරතුරදී මෝදි පැවසුවා.
රුසියාව ඉන්දියාව “ප්‍රමුඛ බලවතෙකු” ලෙස සලකන බවත්, සිය අනෙකුත් හවුල්කරුවන් කිසිවෙකු සමඟ නොකළ ආකාරයට ඉන්දියාව සමඟ මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව ප්‍රවර්ධනය කළ බවත් පුටින් පෙන්වා දුන්නා. රුසියාව ඉන්දියාව සමග ඉන්දියාවේදීම අධි තාක්‍ෂණික මිලිටරි නිෂ්පාදන සංවර්ධනය කර නිෂ්පාදනය කළ බව ද ඔහු සඳහන් කළා.

සිය ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා, විශේෂයෙන්ම දේශ සීමාවේ වර්ධනය වන චීන ආක්‍රමණ වලදී රුසියාව සමඟ මිලිටරි හා මිලිටරි තාක්ෂණික සහයෝගීතාවයේ “වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවය” ඉන්දියාව අවධාරණය කළා.

රුසියාව දිගු කලක් සිට ඉන්දියාවේ විශාලතම යුද උපකරණ සපයන්නා වන අතර පාකිස්තානය සමඟ පහත් ආරක්ෂක සහයෝගීතාව පවත්වා ගෙන යයි. එහෙත් භූ දේශපාලනික වෙනස්කම් සහ වොෂින්ටන්ය සමඟ නව දිල්ලියේ වැඩෙන සබඳතා සමඟ, රුසියාවද ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඉස්ලාමාබාද් ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීය. රුසියාව පකිස්තානයට Mi-35 ප්‍රහාරක හෙලිකොප්ටර් විකිණීම ගැන නවදිල්ලිය සිය කනස්සල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, එම ගනුදෙනුව නතර නොවුණි. රුසියාව, 2015 නොවැම්බරයේදී, පාකිස්තානය සමඟ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තැබූ අතර, ජාතීන් දෙක ඔවුන්ගේ පළමු හමුදා අභ්‍යාසය 2016 සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවලදී පවත්වනු ලැබුවා. අවසන් යුද අභ්‍යාසය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වුණා. රුසියාව චීනය සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය ද වේගවත් කරමින් සිටී. රුසියාව විශ්වාස කරන්නේ ඉන්දියාව, එක්සත් ජනපදය සමග එක්ව කලාපය තුල චීනයට එරෙහිව කල්ලි ගැසෙනු ඇති බවයි. ඉන්දියාව දිගින් දිගටම එම සැකය පදනම් විරහිත බව අවධාරණය කරනවා.

සම්බාධක පනවන බවට එක්සත් ජනපදය කළ තර්ජනය නොතකා ඉන්දියාව S-400 මිසයිල පද්ධතිය මිලදී ගැනීමේ තීරණයේ එල්බ සිටීමෙන් පෙන්නුම් කළේ දිගුකාලීන ඉන්දු-රුසියානු සබඳතා කඩාකප්පල් කිරීමට ඉන්දියාව කිසිව්ටෙක එක්සත් ජනපදයට ඉඩ නොදෙන බවයි. AK-203 ප්‍රසම්පාදන ගිවිසුම අත්සන් කිරීම සහ තවත් වසර 10 කට යුධ තාක්ෂණික සහයෝගීතාව දීර්ඝ කිරීම මගින් මෙම සබඳතා තවදුරටත් තහවුරු වුණා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් ඉන්දියානු ස්ථාවරය ධනාත්මකව අගය කරමින් පැවසුවේ “අපගේ ඉන්දියානු මිතුරන් ඔවුන් ස්වෛරී රටක් බව පැහැදිලිව සහ ස්ථිරව පැහැදිලි කළා. කවරෙකුගෙන් ආයුධ මිලදී ගන්නේද යන්න සහ මෙම ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්ෂේත්‍රවලදී ඉන්දියාවේ හවුල්කරුවෙකු වන්නේ කවුරුන්ද යන්න ඔවුන් තීරණය කරනු ඇති. දැනට ඉන්දියානු ආරක්ෂක අංශ භාවිත කරන රුසියානු යුද උපකරණවල අමතර කොටස් නිෂ්පාදනයට සහාය දැක්වීමට රුසියාව ගත් තීරණය දෙරටේ සබඳතාවල විශ්වසනීයත්වය තහවුරු කරනු ලැබුවා.

ඇත්ත වශයෙන්ම, Quad හි සාමාජිකයෙක් ලෙස ඉන්දියාවේ භූමිකාව සහ ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රුසියාවට ඇත්තේ වෙනස මතයක්. ලැව්රොව්, මාධ්‍ය හමුවේ සඳහන් කළේ, අපි ඉන්දු-පැසිෆික් උපාය මාර්ග යන සටන් පාඨය යටතේ එක්සත් ජනපද ක්‍රියාකාරකම් පිළිබඳව අපගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කළ බවයි. එමෙන්ම එක්සත් ජනපදය කලාපයේ සුවිශේෂී බලයක් නිර්මාණය කරගනිමින් සිටින බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවා. මෙම ප්‍රශ්නය මතු වූ සහ සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය නොවේ. ජයශංකර් අවස්ථා කිහිපයකදීම ඉන්දියානු මතය නැවත නැවතත් ප්‍රකාශ කර ඇති නමුත් මතභේදය තවමත් පහව ගොස් නැතත්, රුසියාව සහ ඉන්දියාව අතර වර්ධනය වන සබඳතාවලට ඉන් කිසිදු බලපෑමක් එල්ලවන බවක් පෙනෙන්ට නැහැ.

රුසියානු ජනාධිපති පුටින් සම්ප්‍රදායික මිලිටරි-කාර්මික සහයෝගීතාව එළෙසම පවත්වාගෙන යන අතරම ආර්ථික, තාක්‍ෂණික වැනි දිශාවන් වෙත සබඳතා තවදුරටත් විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන බව ද පෙනී යනවා. ඒ අනුව රුසියානු සමාගම් ඉන්දියාව තුළ වැඩි ආයෝජනයක් සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති අතර තාක්ෂණික සහයෝගීතාව (එන්නත් ඇතුළුව) වර්ධනය කිරීම සදහාද පියවර රැසක් ගෙන තිබෙනවා.

මෙම පසුබිම තුළ රුසියානු නායකයාගේ ඉන්දීය සංචාරය සහ එහිදී පැවැති සාකච්ඡා ඉන්දු රුසියා සබදතාවල නව මානයක් පමණක් ලොව ලෝක දේශපාලනය තුළ පවා නව ප්‍රවේශයක් සටහන් කරන එකක් ලෙස හදුනාගත හැකිවනවා.

රුසියාව සමඟ ඉන්දියාවේ සබඳතා පසුගිය අඩ සියවසේ පැවති ආකාරයටම තවදුරටත් පවතිනු ඇති. ඉන්දියාව සමඟ මතභේදයට තුඩු දී ඇති දේශසීමාව දිගේ චීනය සිය හමුදා ගොඩනැගීම අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටිනවා. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු ඉන්දියාවට එරෙහිව පාකිස්තානය උපායමාර්ගික වාසියක් ලබා ගත්තා. එබැවින් නව ආරක්ෂක අභියෝගවලට මුහුණ දෙන නවදිල්ලිය පැහැදිලිවම මොස්කව් සහ වොෂින්ටනට සමඟ ඇති සබඳතාවල සමතුලිතතාවයක් පවත්වා ගැනීමට උත්සාහ කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...