25 C
Colombo
Monday, February 26, 2024

කොරෝනා නොතකා කාර්මික සංවර්ධන ලොක්කෝ පාටි දමති

- Advertisement -

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක රැස්වී සම්භාෂණයක් පවත්වා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වන මුවාවෙන් මෙම සම්භාෂණය පවත්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එහිදී මත්පැන් පානය කර ඇතැයි ද වාර්තා වේ.

මෙම සම්භාෂණය සඳහා සියලු වියදම් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැය වී ඇති අතර එය විශාල මුදලක් යැයි ද හෝටලයේ ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘නිව්ස් 19’ට පැවැසුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අදාළ හෝටලයේ පැවැති නමුත් එහිදී මත්පැන් පානය නොකළ බවය.

ශ්‍රි ලංකාවේ කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා වු වගකිම පවරනු ලැබ ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයයි.

එය කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා යටතේ ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල...

අනතුරක් නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි තදබදයක්

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...