34 C
Colombo
Friday, May 3, 2024

බාල ගෑස් ලංකාවට ගෙනාවා – ලාෆ්ස් ගෑස් සභාපති

- Advertisement -

ඇතැම් ගෑස් සමාගම් බාල ගෑස් මෙරටට ආනයනය කළ බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සදහන් කරනවා.

ඒ සම්බන්ධ ලියකියවිලි ආනයන පාලකවරයා සතුව හා ශ්‍රී ලංකා රේගුව සතුව පවතින බවත්, අදාළ ගෑස් තොගයේ ප්‍රොපේන් සංයුතිය, බියුටේන් සංයුතිය වැනි දත්ත එමගින් දැනගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ වන විට මෙරට මෙතරම් ගෑස් අර්බුදයක් නිර්මානය වී ඇත්තේ ගෑස් සැපයුම්කරුවෙක් ඒකාධිකාරයක් ඇතිකරගැනීමට සිදුකරන ලද උත්සහයේ ප්‍රතිපලයක් ලෙස යැයි වෑගපිටිය මහතා පවසනවා.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් සමාගමේ කහපාට සිලින්ඩර ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් මිලදීගෙන රැගෙන ගොස් ඒවා නිල් පැහැයෙන් වර්ණ ගන්වා වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් ක්‍රියාත්මක කරන බවද වෑගපිටිය මහතා සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝ හා ලියකියවිලි තමන් සතුව ඇති බැවින් ලිට්‍රෝ ගෑස් සභාපතිවරයාව දැනුවත් කළද ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි වෑගපිටිය මහතා පෙන්වා දෙන්නේ.

ගෑස් බෙදාහැරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතු බවත් නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් සති දෙකක් තුළ ශ්‍රී ලංකාවටම ගෑස් සැපයිය හැකි බවද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...