31 C
Colombo
Wednesday, March 19, 2025

මිනුවන්ගොඩ පාසලක සාපෙළ ලියූ සිසුන් පිරිසකට අසාධාරණයක්

- Advertisement -

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී ඊයේ (15) සාමන්‍ය පෙළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට මුහුණ  දුන් සිසුන් පිරිසක් අසාධාරණයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අදාළ විභාග මධ්‍යස්ථානයේ සිටි සිසුන්ට භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය මෙන්ම ඒ  සඳහා අවශ්‍ය වන සිතියම්ද නොලැබී ඇති බවයි.

එම විභාග මධ්‍යස්ථානය තුළ දමිළ මාධ්‍ය සිසුන් 14 දෙනෙකු සිට තිබුණත් දමිළ මාධ්‍ය නිරීක්ෂකයින් කිසිවෙකුත් ඒ සඳහා අනුයුක්ත කර නොතිබුණු බව ජෝසප් ස්ටාලින් මහතා තවදුරටත් සඳහන් කළා.

ඔහු අවධාරණය කළේ විභාග මධ්‍යස්ථානය තුළ දමිළ මාධ්‍ය නිරීක්ෂකයෙකු නොසිටීම හේතුවෙන් සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා කිසිවෙකු සිට නොමැති අතර ඒ හේතුවෙන් ඔවුන් විශාල අසාධාරණයකට ලක්ව ඇති බවයි.

විභාග මධ්‍යස්ථාන සඳහා කාර්ය මණ්ඩල පත් කිරීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය සතු වගකීමක් බවත් අවිධිමත් ලෙස කටයුතු කර තිබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය මතු වී ඇති බවත් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙනවා.

මෙහිදී සිසුන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කරන බවද ජෝසප් ස්ටාලින් මහතා තවදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

දේශබන්දු තෙන්නකෝන්ගේ දේපළ රාජසන්තක කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබු බවත් ඒ අතරම දේශබන්දු...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES