25 C
Colombo
Saturday, March 22, 2025

මත්පැන් බලපත්‍රවලට අදාළව අතුරු තහනමක්

- Advertisement -

සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රහිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන බව සඳහන්.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු සෙසු නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්තමානයේ අවිධිමත් ආකාරයට නීතියට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බවට චෝදනා කළා.

ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා පෙන්වාදී තිබුණා.

ඒ අනුව සුරාබදු පනතේ හා රෙගුලාසිවල සඳහන් ප්‍රතිපාදන අබිබවා ගොස් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES