27.8 C
Colombo
Sunday, May 18, 2025

පාප්තුමා වෙත කාදිනල් යැවූ ලිපියට ජාත්‍යන්තරයෙන් ප්‍රතිචාර‍

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට මෙතෙක් සාධාරණත්වයක් ඉටු නොවීම පිළිබද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව පළමුවැනි ෆ්‍රැන්සිස් ශූද්ධෝත්තම පියතුමන්ට යොමුකළ ලිපියට ලෝක කතෝලික සභාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අදාළ ලිපිය සහ මෙරට කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව පසුගියදා පැවැත්වූ විශේෂිත මාධ්‍ය හමුව පිළිබද VATICAN NEWS ප්‍රවෘත්ති වෙබ් අඩවිය තුළ විශේෂ වාර්තාවක් පල කරමින්.

ශූද්ධෝත්තම පියතුමන් නියෝජනය කරන්නාවූ ලෝක කතෝලික සභාවෙව් නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන VATICAN NEWS වෙබ් අඩවිය පසුගිය 16 වනදා පලකර තිබු විශේෂිත වාර්තාවේ ශීර්ෂ පාඨය බවට පත්ව තිබුනේ ” පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාවේ නොසතුට යන්නයි. “

එම පුවත් වාර්තාවේ සදහන් වී ඇත්තේ ප්‍රහාරය පිළිබද විමර්ශන සිදුකර එහි පිටුපස ඇති සත්‍ය හෙළිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය පොරොන්දු ලබාදුන්නද, බලයට පත්වීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය දෝෂ සහගත යැයි මෙරට කාදිනල් හිමිපාණන් නිවේදනය කර ඇති බවයි.

ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව විමර්ශන සිදු නොකරන බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් කාදිනල් හිමිපාණන් ඉල්ලීමක්ද සිදුකර ඇති බව VATICAN NEWS වෙබ් අඩවියේ දැක්වෙනවා.

නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ගත් පියවර ප්‍රමාණවත් නොවන බවත්, තමන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නොමැති බවත් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් උපුටා දක්වමින් වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමා සදහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙරට කතෝලික සභාව දක්වන ප්‍රතිචාර පිළිබද ශුද්ධෝත්තම පියතුමා සහ වතිකානුවේ පිහිටා ඇති යුක්තිය සාමය පිළිබද කොමිෂන් සභාවත් නිරන්තර විමසිල්ලෙන් පසුවන බවයි.

වතිකානු ප්‍රවෘත්ති සේවය පලකර තිබු විශේෂ පුවත් වාර්තාව මෙතනින් කියවන්න…

RECENT ARTICLES - SINHALA

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා. ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස...

2023 වසරේ ආර්ථික අර්බුදය බලපෑ හැටි

2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ...

POPULAR ARTICLES