25 C
Colombo
Wednesday, February 19, 2025

නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට නවතම ප්‍රභේද දෙකක් වන “මලී PINK” සහ “ලංකා RED” නමින් අද(24) සිට වගාව සඳහා හඳුන්වා දී තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද පටක රෝපණ පර්යේෂණ අනුව මෙම දෙළුම් ප්‍රභේද හඳුන්වා දී තිබෙනවා.

නවතම දෙළුම් ප්‍රභේද දෙක හඳුන්වා දීම හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

නව දෙළුම් ගසක ආයූ කාලය වසර 30ක් වන අතර එක ගසකින් වසරකට දෙළුම් කි‍ලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි බව පර්යේෂකයෝ පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, අක්කරයකට ගස් 400ක් වගා කළ හැකි අතර, එමඟින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 80ක ආදායමක් ඉපයිය හැකි බවයි.

මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගාවට සුදුසු වන අතර දැනට ආනයනය කරන රතු පැහැති දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් වශයෙන් මෙම දෙළුම් ප්‍රභේද යොදා ගැනීමට හැකිවන නිසා දෙළුම් ආනයනය සඳහා වැයවන මුදල ඉතිරි කර ගැනීමට හැකිවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

POPULAR ARTICLES