29 C
Colombo
Saturday, July 27, 2024

යූරෝ 300 ක් අවභාවිතා කළ ෆින්ලන්ත අගමැතිනියට එරෙහිව විමර්ශන

- Advertisement -

ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මැරින් මහත්මියට රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එරට පුවත්පතක් විසින් පළමුවරට හෙලිදරව් කළ අතර මේ වනවිට අදාල චෝදනාව පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍යවරිය විසින් සිය පවුලේ සාමාජිකයන් සමග අග්‍රාමාත්‍ය නිළ නිවසේදී ලබාගන්නා උදෑසන ආහාර වේල සඳහා වැය වන මුදල රජයේ ගිණුම් හරහා නැවත ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එසේ ඉල්ලා ඇති මුදල මාසයකට යුරෝ 300 කි. මේ සම්බන්ධයෙන් අගමැතිවරිය පවසන්නේ මෙම ක්‍රියාව නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවයි. තමන්ට පෙර සිටි අගමැතිවරුන්ද මෙම වරප්‍රසාදය ලබාගෙන ඇති බවත් ඇය පවසා තිබෙනවා. එසේම තමන් මෙම දීමනාව ඉල්ලා නොසිටි බවත් එම දීමනාව ගෙවීම පිළිබඳව තීරණය කිරීම සඳහා මැදිහත් නොවූ බවත් අගමැතිවරිය ට්විටර් පණවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

කෙසේ ‍නමුත් එරට නීති විශාරදයන් පවසන්නේ අගමැතිවරිය විසින් සිදුකළ මෙවැනි ගෙවීම් රජයේ ගිණුම් හරහා යළි ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාවක් ෆින්ලන්ත ව්‍යවස්ථාවට අනුව නොමැති බවයි.

ඒ අනුව අගමැතිවරියගේ ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...