29 C
Colombo
Saturday, May 18, 2024

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70% සිට 27% දක්වා සියයට 43%කින් පමණ පහත වැටී ඇතැයි විගණනයකදී හෙළිදරව් වී තිබෙනවා.

2020 වසරේ සිට 2020 වසරට පෙර ජාතික පොලිස් කොමිසමට ලැබෙන මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%ක් වූ බව ද, 2022 දෙසැම්බර් 31 වන විට එය 27% දක්වා පහත වැටී ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

රටෙහි පැවැති අර්බුදකාරී වාතාවරණය නිසා එලෙස මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය පහත වැටුණු බව එම කොමිසම විගණකාධිපති දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

ඊට අදාලව විගණකාධිපතිවරයා යෝජනා කර ඇත්තේ මහජන පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රශස්ත මට්ටමක පවත්වාගත යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පොලිස් කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ 2020 දෙමැබ්ර් 10 වැනිදායි. එතැන් සිට 2023 මැයි මාසය වන තෙක් එම කොමිසම පැවැත්විණි.

21 වැනිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු 2023 මැයි මාසයේ දී චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස ඉවත් කර නව පොලිස් කොමිසමක් පත් කර ගැණුනා.

චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිෂන් සභාව සමග කටයුතු කළ නොහැකි බව කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාවට අනියුක්ත පළාත් අධ්‍යක්ෂවරු 05 දෙනෙක් ඉවත් ව තිබුණා.

ශ්‍රී ලංකා පොලිසියේ 29 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ චන්ද්‍ර ප්‍රනාන්දු 2006 ඔක්තෝබර මාසයේ විශ්‍රාම යෑමෙන් පසු බැසිල් රාපක්ෂ මහතාගේ ගම්පහ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වී සිටියා.

චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පොලිස් කොමිසමට පත් කිරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු දේශපාලන පළිගැනීම් සෙවූ ජනාධිපති කොමිසමේ (උපාලි අබේරත්න කොමිසම) සාමාජිකයකු ලෙසද පත් කෙරිණි.

එම කොමිසමේ වාර්තාව බාරදීමෙන් පසු ඔහු පොලිස් කොමිසමේ සභාපති ලෙස පත් කර තිබුණා.

එස්. ලියනගේ, සංජීව පතිරණ, එම්.එස්. එම්. සම්සුදීන් සහ ප්‍රේමසිරි ප්‍රනාන්දු මෙම කාලසීමාවේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...